ලැගුම්හලේ සිද්ධිය ගැන තවදුරටත් විමර්ශන

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් ඇද වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වීමේ වීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර 29 හැවිරිදි තරුණයා , කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින දෙකක් රඳවා ප්‍රශ්න කිරීමට අද (10) වනදා අධිකරණවිසින් පොලීසියට අවසර ලබා දී තිබේ.

සැකකරු සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන අතර මියගිය සිසුවියගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරමින් සිටින බවද පොලීසිය පවසයි

සැකකරු ඊයේ (09) අලුයම හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී 19 හැවිරිදි තරුණියක් ඇතුළු තිදෙනෙක් පළමුව අත්අඩංගුවට ගනු ලැබීය.