කොළඹ නගර සීමාවේ ජනතාවට නොමිලේ ඇන්ටිජන් පරීක්ෂණ

කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල පදිංචිකරුවන් සහ රැකියාවල නිරතවන පුද්ගලයින් සඳහා නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම කොළඹ මහනගර සභාව විසින් ආරම්භ කර තිබෙනවා.

බොරැල්ල කැම්බල් පිටියේදී මෙය පැවැත්වෙන අතර සෑම දිනකම පෙරවරු 9.00 සිට 11.00 දක්වා එම කටයුතු සඳහා පහසුකම් පවතින බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදීනි, වෛද්‍ය දිනූකා ගුරුගේ ප්‍රකාශ කළේ.

Scroll to Top