සපුගස්කන්දෙන් අයිස් මතුවෙයි

සපුගස්කන්ද  පොලීසියට ලැබුණු තොරතුරක් මත  නිලධාරීන් කිහිපදෙනෙක්  මුව ආවරණ නිපදවන ආයතනයක් පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට සමත්ව තිබේ. මෙම ආයතනය පිහිටා තිබුණේ කැලණිය බියගම මාර්ගයේය. පොලිස් නිලධාරියකු උපාය දූතයෙකු ලෙස අයිස් මත් ද්‍රව්‍ය මිලට ගැනීමට ගොස් එහි සිටි තරුණියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය 1kg පමණද මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලබාගත්  රුපියල් ලක්ෂ 7 ක පමණ මුදලක්ද  පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය