ලක්ෂ 30 කට අධික මත්පැන් සහ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ රුපියල් ලක්ෂ 30 ක ට අධික වටිනාකමකින් යුත් දුම්වැටි සහ විදේශ මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙක් රත්මලාන පන්සල පාරේ දී, විශේෂ කාර්ය බළකායේ මුලස්ථාන විශේෂ වැටලීම් ඒකකය විසින් අතඩංගුවට ගනු ලැබීය.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොරටුව ප්‍රදේශය කුලී නිවසක පදිංචිව සිට ජාවාරම සිදුකර ගෙන කර ගෙන ගොස් ඇති බවට හෙළිවී ඇති.

සැකකරු සන්තකයේ විරෝධී විදේශීය මත්පැන් සහ නීතිවිරෝධී සිගරට් කාටුන් 150ක් සහ විදේශීය මත්පැන් බෝතල් 105ක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙන්ම මත්පැන් ප්‍රවාහනය සඳහා යොදා ගත් නවීන මෝටර් රථයක් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත.