
නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය දුම්වැටි තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ.
කඩවත මාවරමංඩිය ප්‍රදේශයේ සිට දෙහිවල ප්‍රදේශයට ප්‍රවාහන කරමින් තිබියදී මෙම විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දුම්වැටි ප්‍රමාණය 54000 බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වේ.
මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් තුන්වන කණ්ඩායම විසින් මෙම වැටලීම සිදු කර ඇත.