
Kristen Stewart රංගනයෙන් සම්බන්ධ වූ Pablo Larraín විසින් අධ්‍යක්ෂණය කරන ලද Three Days In The Life of Diana, Princess of Wales චිත්‍රපටය සඳහා පළමු පෝස්ටරය නිකුත් කර ඇත. මෙම පෝස්ටරය එලිදක්වා ඇත්තේ වැනිස් සිනමා උළෙලේ මංගල දර්ශනය ආරම්භ වීමට සතියකට පෙරය. මෙම පෝස්ටරය දැක්වෙන දිගු ගවුම නිර්මාණය කර ඇත්තේ David සහ Elizabeth Emanuel විසින් වන අතර ඇයගේ මංගල ඇඳුුම නිර්මාණය කර ඇත්තේ ද ඔවුන් විසින්ය. චිත්‍රපටය සඳහා ඔවුන් මෙම දිගු ගවුම නිර්මාණය කර ඇත්තේ රාජකීය අවස්ථාවන් වලට සහභාගී වීමට මෙන්ම චිත්‍රපට වල මංගල දර්ශන සඳහා සහභාගි වීමේදී ඇය මෙවැනි දිගු ගවුම් වලින් සැරසී සිටින නිසා විය හැකියැයි විචාරකයන් පවසයි.

