රුසියාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක්

රුසියාවේ පර්ම් නුවර විශ්ව විද්‍යාලයක සිදුවු වෙඩි තැබීමකින් 08 දෙනෙකු මියගොස් තිබේ.

සිසුවෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි වෙඩි ප්‍රහාරවලට ලක්වු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.

සැකකාර සිසුවා රුසියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Scroll to Top