
1971 වසරේ ජනවාරි පස්වැනි දින ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹි ක්‍රිකට් එක්දින වංශ කතාවේ මේ වන විට ලකුණු දොලොස් දහස පසු කල ක්‍රීඩකයින් 6 දෙනෙකු වාර්තා වේ. අඩුම ඉණිම් ගණනකින් මෙම කඩඉම පසු කිරීමට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි සමත් වූ අතර ඔහු වර්තමානයේ ක්‍රීඩාවේ යෙදෙන ලකුණු 12,000 පසු කල එකම ක්‍රීඩකයා වෙයි. වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින් ඔහුට පසු පසින් සිටින්නේ ක්‍රිස් ගේල් (ලකුණු 10,480) සහ රෝහිත් ශර්මා (ලකුණු 9,205) පමණි. මේ හැරෙන්නට එංගලන්ත නායක ඉයන් මෝගන් සහ බංගලාදේශ නායක තමීම් ඉක්බාල් තවමත් ලකුණු 8,000 සීමාවට හෝ ළගා වී නැත. මේ අතර මෙම ලකුණු 12,000 පසු කල ක්‍රීඩකයින් හය දෙනාගෙන් තිදෙනෙකුම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි. (අඩුම ඉණිම ගණනකින් මෙම කඩඉම පසු කල ක්‍රීඩකයින් ඉණිම ගණන අනුව පෙල ගස්වා ඇත)
විරාත් කෝලි (ඉණිම් 242*)

ඉන්දියානු කණ්ඩායමේ නායක විරාත් කෝලි පසුගිය ද මෙම කඩ ඉම පසු කලේ ඉණිම 242 කිනි. ඉණිමක සාමාන්‍ය 59 කට වඩා වැඩි අගයක් පවත්වා ගෙන යමින් එක්දින ශතක 43 ක් සමග මෙම දස්කම දැක්වීමට ඔහු සමත් වී ඇත. විශ්‍රාම ගැනීමට පෙර බොහෝ වාර්තා තමන් යටතට ගනු ඇති බවට විචාරකයන් මත පල කරයි.
සචින් තෙන්දුල්කාර් (ඉණිම් 300)

ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් දේවත්වයෙන් සලකන එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙකු ද වන ඉන්දියානු කණ්ඩායමේ සචින් තෙන්දුල්කාර් ඉණිම 300 කදී මෙම කඩ ඉම පසු කිරීමට සමත් විය. ඔහු එක්දින තරග 463 කදී ලකුණු 18,426 ක් රැස් කරමින් වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කියයි. ඉණිමක සාමාන්‍ය 44 කට වඩා වැඩි අගයක් රදවා ගනිමින් ශතක 49 ක් ඔහුගේ ගිණුමට එක් කරගෙන තිබේ. මෙම වාර්තාව බිද හෙලිය හැකි වර්තමාන ක්‍රීඩකයන් අතරින් එකම ක්‍රීඩකයා විරාත් කෝලි පමණක් බව විචාරක මතයයි.
රිකී පොන්ටින් (ඉණිම් 314)

මෙම කඩ ඉම පසු කල වේගවත්ම ක්‍රීඩකයන් අතරින් රිකී පොන්ටින් ඉණිම 314 ත් මේ සදහා වැය කර ඇත. ලෝක කුසලාන දෙකක් තම කණ්ඩායමට ලබා දීමට නායකත්වය දුන් ඔහු තරග 375 කදී ලකුණු 13,704 ක් රැස් කරගෙන තිබෙන්නේ ඉණිමක ලකුණු 42 කට වඩා වැඩි සාමාන්‍යයක් රදවා ගනිමිනි. මේ සදහා ලබා ගෙන ඇති ශතක සංඛ්‍යාව 30 කි.
කුමාර් සංගක්කාර (ඉණිම් 336)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර මෙම කඩ ඉම අඩුම ඉණිම ගණනකින් පසු කල සිව් වැනි වේගවත්ම ක්‍රීඩකයා වන අතර වේගවත්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වෙයි. වැඩිම ලකුණු ලාභීන් අතර සචින් තෙන්දුල්කාර්ට පමණක් දෙවෙනි වන ඔහු ඉණිම 336 කදී මෙම දස්කම දැක්වීමට සමත් විය. කුමාර් සංගක්කාර තරග 404 කදී ලකුණු 14,234 ක් ලබා ගෙන තිබෙන්නේ ශතක 25 ක් සමග ලකුණු 42 කට ආසන්න ඉණිමක සාමාන්‍යයක් රදවා ගනිමිනි.
සනත් ජයසූරිය (ඉණිම් 379)

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සහ නායකයෙක් වන සනත් ජයසූරිය මෙම පෙල ගැස්මේ පස්වන ස්ථානය ලබා ඇත. ඒ සදහා සනත් ජයසූරිය වැය කර ඇති ඉණිම් ප්‍රමාණය 379 කි. ඔහු විසින් තරග 445 කදී ලකුණු 13,430 ක් රැස් කරගෙන ඇත්තේ ශතක 28 ක් සමග ඉණිමක සාමාන්‍ය 32 ක් වැනි අගයක් රදවා ගනිමිනි.
මහේල ජයවර්ධන (ඉණිම් 399)

ලෝකයේම බිහි වූ විශිෂ්ඨතම නායකයෙකු වන මහේල ජයවර්ධන මෙම සටහනේ හයවැනි ස්ථානයේ පසුවන්නේ තරග 448 කදී ශතක් 18 ක් සමග ලකුණු 12,650 ලබා ගනිමිනි. ඉණිමක අගය 32 කට පමණ රදවා ගනිමින් මැද පෙල පිතිකරුවෙකු ලෙස වසර ගණනාවක් ශ්‍රී ලංකා පිලට සේවය ලබා දුන් මහේල ජයවර්ධන මෙම කඩ ඉම පසු කිරීමට ඉණිම 399 ක් වැය කර තිබේ.