
තලේබාන් සංවිධනය ඇෆ්ගනිස්තානයේ බලය ඇල්ලීම සමඟ රට හැර යන පිරිස් කාබුල් ගුවන් තොටුපලේ පොදි කමින් සිටිති. මෙම පිරිස ගුවන් යානා වල ටයර් වල එල්ලී ගුවන් ගත වීමට තැත් කරමින් සිටී. එසේ ගුවන් යානාවල ටයර්වල එල්ලී ගමන් කළ කිහිපදෙනකු ගමන අතරතුර අහසින් වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ මේවනවිට හුවමාරු වෙමින් තිබේ.
මිඩ්ස් ඊස්ට් අයි මාධ්‍ය ආයතනයේ තුර්කි කාර්යාංශයේ ප්‍රධානී රගීෆ් සොයිලි පහත වීඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැර ඇත්තේ තම ටුවිටර් ගිණුම හරහාය.