අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට අවසර ලබාගත යුතු ක්‍රමවේදය

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලයේදී අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙළෙඳුන්ට අවසර හිමිවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.

අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය අවසර පත් අදාළ පොලිස් ස්ථානවලින් ලබාගැනීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.