අත්‍යවශ්‍ය ඖෂධ වල හිඟයක් නැහැ

මෙරට භාවිතයට ගැනෙන ඖෂධ වර්ග 1,200 ක් අතරින් හිඟයක් පවතින්නේ ඖෂධ වර්ග 35 කට අඩු ප්‍රමාණයක බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව පවසනවා. 

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධ වර්ගයක හිඟයක් රට තුළ නොමැති බවයි.