
එළඹෙන සඳුදා දින (06) පාර්ලිමේන්තුවට පාරිභෝගික කටයුතු සංශෝධන පනත ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැලසුම් සහගතව ඉහළ දමන සහ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සහ සමාගම් සම්බන්ධයෙන් නීතිමය කටයුතුකිරීම සඳහා එම පනත සංශෝධනය කරනු ලබන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
පාරිභෝගික කටයුතු සංශෝධන පනතට අනුව වැඩි මිලට භාණ්ඩ අළෙවිකරන වරදකරුවන් තනි පුද්ගලයන් හෝ තනි පුද්ගල ව්‍යාපාර සහ සමාගම් ලෙස දඩ මුදල් පැනවීම කාණ්ඩ ගත කර ඇත
මෙම සංශෝධනයේදී තනි පුද්ගල ව්‍යාපාරයක උපරිම දඩ මුදල රුපියල් 20,000 සිට ලක්ෂ 10 දක්වා ඉහළ නංවා ඇති අතර සමාගමක උපරිම දඩය ලක්ෂ දෙකේ සිට කෝටිය දක්වාද ඉහළ දමා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
තනි පුද්ගලයෙක් සඳහා පැවති අවම දඩය වූ රුපියල් 1,000 රුපියල් 100,000 දක්වා ඉහළ දමා ඇති අතර සමාගමක් සඳහා පැවැති අවම දඩය වූ රුපියල් 10,000 රුපියල් 500,000 දක්වාත් ඉහළ දමා තිබේ.
පාරිභෝගිකයන් සුරක්ෂිත කරගැනීම මේ සංශෝධනයේ මූලික අරමුණ වේ.