වෛද්‍ය ඒලියන්ත වයිට් ඇතුළු පවුලේ සාමාජිකයන්ට කොරෝනා

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ. ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන් වේ.

කොරෝනා ආරම්භක අවධියේ දී ඔහු කියා සිටියේ තමන් සතු කුණ්ඩලීනී ශක්තියෙන් ශ්‍රී ලංකාවේ කොරෝනා පාළනය සදහා තමන් කටයුතු කල බවයි.

එමෙන්ම ඉන්දියාවේ ද කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තමන් මැදිහත් වූ බවද ඔහු සඳහන් කළේ යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.