සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

දිවයින පුරා පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (28) සහ හෙට (29) යළිත් විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

තොග වෙළඳාම සඳහා පමණක් මෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව අද උදෑසන 04.00 සිට එහි වෙළෙඳ කටයුතු ආරම්භ කර තිබෙන අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආර්ථික මධ්‍යස්ථාන තුළ සියලු කටයුතු සිදුකළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.