පාස්කු ඉරිදා ප්‍රහාරයේ නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ 03 පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සභාපතිත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ලේ, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරු සෙසු විනිසුරුවන් ලෙස කටයුතු කරනු ඇත.

නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි මෙම මහාධිකරණ විනිසුරු මඩුල්ල පත්කර ඇත්තේ.