ඩඩ්ලි සිරිසේන ව්‍යාපාර දියුණු කරගත්ත රහස

ඩඩ්ලි සිරිසේන කියන්නේ අදවනවිට ශ්‍රී ලංකාවේ සිටින දැවැන්තම ව්‍යාපාරිකයෙක්.ඔහු ක්‍රමානුකූලව දියුණුවට පත්වූ ආකාරය ගැන තම නිළ ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් තබා තිබුණා.ඒ සටහන දියුණුවෙන්නට වෙරදරන්නට ඉතා වැදගත් සටහනක්.ඒ සටහන මෙසේයි.

“ගොඩක් දෙනෙක් තමන්ගෙම කියල ව්‍යාපාරයක් ආරම්භ කරද්දි, තමන්ට නැති දේවල් ගැන හිත හිත ගොඩක් දුක් වෙනවා. ඒ නිසා මෙතරම් වපසරියක් සහිත ව්‍යාපාර ජාලයක් ස්වෝත්සාහයෙන් ගොඩනඟපු මම, සීමිත සම්පත් උපරිමයෙන්ම කළමණාකරණය කරගත්ත විදිය ඔබට කියල දෙන්න කල්පනා කළා”

කාර්යබහුල ජීවිතයක අලුත් දේවල් වෙනුවෙන් වෙලාවක් නොතිබුණත්, මම මගේ කාලය නිසි අයුරින් කළමණාකරණය කරගත්තා. මට උපාධි එක්ක ඉහළ අධ්‍යාපනයක් නොමැති වුණත්, මගේ දැනුම මම ව්‍යාපාර වලට උපරිමයෙන් දායක කරගත්තා. ඒ වගේම මගේ පුතා දිමිත්‍රට ඉහළ අධ්‍යාපනයක් ලබා දෙමින් නිසි වයසෙදි ඔහුව මගේ ව්‍යාපාර වලට සම්බන්ධ කරගත්තා. (දැන් ඔහු මගේ ව්‍යාපාර සියල්ලක්ම නවීන තාක්ෂණයෙන් නව්‍යකරණය කරනවා) ව්‍යාපාර ආරම්භයෙදි මට ලොකු විශ්වාසයක් තිබුණෙ නැතත්, ප්‍රථිඵල එද්දි ලොකු ඒ සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් ගොඩනැඟුණා.

අදටත් මට විරුද්ධව කොතෙක් බාධක සහ අවහිරතා ආවත් ඒ හැමදෙයක්ම මම මගේ ගමනට එක්වූ ආශීර්වාද කියල හිතාගෙන, තව තවත් ශක්තිමත් වුණා. ඒ නිසා හැමදේටම වඩා වටින්නෙ ආත්ම විශ්වාසය සහ කැපවීම කියන ගුණාංග දෙක පමණයි. ඒ නිසා ඔබ කවදකහරි පාරෙ රටකජු විකුණන්න ඕන කියල හිතුවොත් කරන්න ඕන එකම දෙයයි. රටකජු විකුණන්න ; ඒත් පාරෙ හොඳම රටකජු විකුණන කෙනා වෙන්න උත්සාහ කරන්න.

ඔබ සැමට සුබම සුබ දවසක්..!

ඔහු සටහන නිමා කරල තිබුණ් එහෙමයි.