වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා දැඩි සත්කාර ඒකකයට

කොරෝනා රෝගය ආසාදනය වී ඇති කළුබෝවිල රෝහලේ ‌නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ වනවිට දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බව වාර්තා වේ.

පසුගිය දිනවල පැවැති අපහසුතා හේතුවෙන් සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂාවකදී ඒ මහතා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.