දාහත් වසරකට පසු ඩූම් චිත්‍රපටයේ සැඟවුණ කතා

DHOOM කියන්නේ 2004 වසරේ අගෝස්තු 27 වැනිදා සිනමාශාලා වෙත නිදහස් වූ රසික සිත් මත සදාතනික මතක තැබූ ක්‍රියාදාම චිත්‍රපටයක්. ඒ දිනවල උන්මාදයක් තරමට ප්‍රකට වූ ඩූම් පසුගියදා දාහත් වසර සැමරුවා. අපි හැමෝටම අද ඊයේ වාගේ මතක තිබුණට ඩූම් තිරගතවී දාහත් වසරක්.

විජේ ක්‍රිෂ්ණා ආචාර්යා, ආදිත්‍ය චොප්‍රා තිර පිටපත ලියා සංජේ ගාද්වි අධ්‍යක්ෂණය කළ  ඩූම් ඒ කාලයේ ලෝකය වටා සිනමා ප්‍රේක්ෂකයා උන්මාදයට පත් කළා. ආදිත්‍ය චොප්‍රා විසින් නිශ්පාදනය කළ ඩූම්  අභිශේක් බච්චන්, උදය චොප්‍රා, ජෝන් ඒබ්‍රහම්, ඊශා ඩියෝල්, රිමි සෙන්, මනෝජ් ජෝශි, ආරව් චවුද්‍රරි, ෆාරිඩ් අම්‍රි, රෝහිත් චොප්‍රා ගේ රංගනයෙන් වර්ණවත් වුණා.

ප්‍රීතම් ගේ සංගීතයෙන් සහ සලීම්-සුලෙයිමාන්ගේ පසුබිම් සංගීතයෙන් ඔප් නැංවුණු සූම් රූපරාමු අපට තවමත් මතකයි. මෙම චිත්‍රපටයේ ඇතුළත් ත්‍රාසජනක මෝටර් බයිසිකල් රූප රාමු එදවස අප බලාඋන්නේ කුතුහලයෙන්. ප්‍රථම සාකච්ඡාවේදී මේ සඳහා ලෝකයේ අති නවීන මෝටර් රථ යොදා ගැනීමට සැලසුම්කොට තිබුණත් පසුව මේ සඳහා මෝටර් බයිසිකල් යොදාගැනීමට අධ්‍යක්ෂ අධ්‍යක්‍ෂක සංජේ ගාද්වි කටයුතු කර තිබුණා. කුඩා කල සිටම මෝටර් බයිසිකල් ලෝලියකු වූ හෙතෙම කියා සිටියේ නළුවන්ගේ මුහුණු සහ ඔවුන්ගේ ප්‍රකාශන මෝටර් රථ භාවිතයෙන් මැකීයන බවයි. අවසානයේ සියලුදෙනාගේ එකඟතාව අනුව මේ සඳහා මෝටර් බයිසිකල් යොදාගනු ලැබුවා.

ඩූම් චිත්‍රපටය සඳහා එකල අති නවීන  Suzuki Hayabusa (1300cc), the Suzuki GSX-R600 (600cc) and the Suzuki Bandit (1200cc). යන යතුරුපැදි වර්ග ඔවුන් භාවිත කරනු ලැබුවා.

අභිෂේක් බච්චන් නම් ලෝ ප්‍රකට නළුවා ප්‍රථම වරට ජනප්‍රිය වන්නේත් ඩූම් චිත්‍රපටය හරහායි. ජෝන් ඒබ්‍රහම් රඟන චරිතය සඳහා ප්‍රථමයෙන් සංජේ දත් නම් නම් කළත් ඔහු ඒ වනවිට චිත්‍රපට කිහිපයක් සඳහා කාර්යබහුල වී තිබීම නිසා ජෝන්ට එම චරිතය සඳහා ආරාධනා ලැබී තිබෙනවා.

Yash Raj Productions සමඟ ජෝන් ඒබ්‍රහම් ගිවිසුම්ගතව කටයුතු කළ පළමු චිත්‍රපටය ඩුම් වන අතර ඉන් පසුව ඔහු Yash Raj Productions ලේබලය යටතේ Kabul Express සහ New York චිත්‍රපටවල ද රඟපෑමෙන් දායක වුණා. අභිෂේක් බච්චන්ගේ සහ ජෝන් ඒබ්‍රහම් පළමු වරට එකට හමුවන්නේ ඩූම් චිත්‍රපටයේ. ඉන් පසු 2008 දී තිරගත වූ Dostana චිත්‍රපටයේ ද ඔවුන් දෙදෙනා එකට රංගනයෙන් දායක වුණා.

මෙම චිත්‍රපටයට පසුව අභිෂේක් බච්චන් Yash Raj Productions යටතේ Bunty Aur Babli, Jhoom Barabar Jhoom, Dhoom 2, Laga Chunari Mein Daag සහ Dhoom 3 යන චිත්‍රපටවලටත් දායක වුණා.

ආදිත්‍ය චොප්රා පසු කලක කියා සිටියේ මෙම චිත්‍රපටයේ සංකල්පය ඔහුගේ සිතට ගෙවැදුණේ ඔහුගේ පියාගේ ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වූ Kaala Patthar  (1979) නරඹමින් සිටියදී බවයි. මෙම චිත්‍රපටය සඳහා ස්ථීර නමක් සොයමින් සිටියදී ඩූම් නාමය ඔහු තබා ඇත්තේ එහි එක් ගීතයක් වන “Dhoom Mache Dhoom” ගීතය දැකීමෙනි. මෙම චිත්‍රපටයට වස්තු විෂය ගෙන ආ “Kaala pathhar” චිත්‍රපටයේ අමිතාබ් බච්චන් රඟපෑ අතර ඔහුගේ පුත්‍රයා වූ අභිෂේක් බච්චන් Dhoom සඳහා එක් කරගැනිනි.

මෙම චිත්‍රපටයේ දර්ශන සඳහා ඊෂා ඩියෝල් හට ප්‍රථම වරට බිකිනියක් ඇඳීම ද සිදුවිය.

වසර 16 කට පසු යෂ් රාජ් ෆිල්ම්ස් විසින් නිෂ්පාදනය කරන ලද පළමු ක්‍රියාදාම චිත්‍රපටයවන ඩූම් චිත්‍රපටය 2004 වසරේ තෙවැනියට ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයයි. ඩූම් චිත්‍රපටයේ ගීත ඇල්බමය 2004 වසරේ තෙවැනියට අළෙවි වාර්තාවක් තැබූ චිත්‍රපට ගීත ඇල්බමය විය.

දාහත් වසරක ඇවෑමෙන්ද ඩූම් අදටද තරුණ හිත් අමන්දානන්දයට පත් කරයි. තවත් සිය වසක ඇවෑමෙන් ද ඩූම් චිත්‍රපටය තරුණ රසිකයන්ගේ හිත් මත අලංකාරය වපුරණ බව විචාරකයන්ගේ මතයයි.