
ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ කාලෙන් කාලෙට අපේ රටේ ප්‍රේක්ෂකයාට අතිශය සමීපවන ආදරණීය චරිතයක්. රංගන ශිල්පිනියක් විදියට අපට ළංවුණු ඇය මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ නර්තන ශිල්පිනියක් විදියට. හිරු මෙගා ස්ටාර් කිරුළ තමාගේ කරගැනීමට තරම් වාසනාවන්තිය වූ ඩිෂ්නි ඒ කිරුළ පසුගියදා තම උපන් ගමවන කුරුණෑගලට ගෙන ගියේ අභිමන් මැදින්.
මේ ජනප්‍රියත්වය හමුවේ ඈ තමාගේ පෙම්වතා ගැන ආන්දෝලනාත්මක කතාවක් ද කියා තිබුණා. නුදුරේදීම සිය පෙම්වතා පිළිබඳ මාධ්‍යට හෙළිදරව් කරන බව කියන ඇය මේ ප්‍රේම සම්බන්ධයට මේවෙනකොට වසර හයක් පමණ වෙනවා කියලත් ප්‍රකාශ කළා.
එපමණක් නොවෙයි ඇය කියන්නේ ඔහු කුඩා කාලයේ පටන් තමන්ව බොහෝ ළඟින් ආශ්‍රය කළ ඇය හොඳින් දන්න කියන කෙනෙකු කියලයි. මේ හැඳුනුම්කම ආදරේ බවට පෙරළුණු බවයි ඇය කියන්නෙ. කොහොමහරි ඉතින් පෙම්වතෙක් සිටියත් තවමත් විවාහ වෙන්නට නම් බලාපොරොත්තුවක් නැති බවත් ඇය පවසා තිබුණා.
නර්තන කිරුළ දිනමින් කලා ලෝකයේ දිගු දුරක් යන ඩිෂ්නිට රටවට අපේ සුබපැතුම්.