චණ්ඩි දිනුලි වූ දිනූෂි

දිනුෂි හංසිකා. එහෙම කිව්වම බොහෝ දෙනා නොදන්නවා වුණාට දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශයවන ධරණි ටෙලි නාට්‍යයේ තරුමිණි නංගි විනුලි කිව්වම ඇයව හැමෝම දන්නවා. විනුලි කියන්නේ ටෙලි නාට්‍යයේ හැටියට චණ්ඩි කෙල්ලක්.

2020 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේදී තුන්වෙනි ස්ථානය දිනාගැනීමට සමත් වූ ඇය ඇගේ ගමන අරඹන්නෙ එතැනින්. ඉතින් ඇය කියන විදිහට නම් ඇය රංගනයට කැමැත්තක් දක්වලා නැහැ. ඒත් මේ තරඟයට ඇයට ඉදිරිපත් වෙන්න කියලා කියලා තියෙන්නෙත් ඇයගේ පවුලේ අය සහ යහළුවෝ කියලයි ඇය කියන්නේ.

අවුරුදු කුමාරිය වී රංගන වරම් ලබා ගත්ත දිනුෂි අද වනවිට ශ්‍රී ලංකාවේ ටෙලි රසිකයන්ගේ ආදරණීය චරිතයක්.

විනුලිගේ චරිත ලක්ෂණ සහ ඇගේ ඇතැම් චරිත ලක්ෂණ සමාන බවත් දිනුෂි කිහිප වරක් ප්‍රකාශකොට තිබුණා.

දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වෙන ධරණී හරහා ලැබුණු ජනප්‍රියත්වයට හරහා ඇය හොඳ චරිත නිරූපණය කරමින් ඉදිරියට යාමට බලාපොරොත්තුවන බවත් ඈ පවසනවා.

රංගන ශිල්පිණියක් වගේම ඇය කැළණිය සරසවියේ අවසන් වසර ශිෂ්‍යාවක්ද වෙනවා.