දිනිති වල්ගමගේ පෙම්වතා ගැන කියන කතාව

දිනිති වල්ගමගේ කියන්නේ මෑත කාලයේ ජනප්‍රිය වුණු රංගන ශිල්පිනියක් හාරකෝටිය ටෙලිනාට්‍යයෙන් රංගනයට පිවිස  සිල්ලර සමනල්ලු, කෝටිපතියෝ ටෙලිනාට්‍ය සමඟ ගමන අරඹපු ඇය අද වෙද්දී රසිකයන් අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කෝටිපතියෝ ටෙලිනාට්‍යයේ අභිෂේකා චරිතය මඟින් ප්‍රේක්ෂක ආදරය දිනූ ඇය ගුවන් සේවිකාවක ලෙසත් ප්‍රකට චරිතයක්.

ගාල්ල කලාපයේ පැවැති වේදිකා නාට්‍ය කිහිපයකම පාසල් යන කාලයේදි රඟපෑමෙන් දායකවවී ඇති ඇය වයස අවුරුදු හතේදි රාජ්‍ය නාට්‍ය උ‌ළෙලේ ‘සළුව‘  වේදිකා නාට්‍යයට කළ රංගනයට කුසලතා සම්මානයක් ලබානැනීමට සමත්වී තිබෙනවා. සමස්ත ලංකා තරගවලින් කිහිප අවස්ථාවකදීම සම්මාන ලැබූ ඈ රංගන ශිල්පිනියක් විදියට පිවිසෙන්නේ චාමර සමරවික්‍රම ගේ ආරාධනයෙන්. ඔහු හාරකෝටිය ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක නිශ්පාදකයා.

කුඩා කාලෙ සිටම  ලෝකය බලන්න තිබුණු හීනය සැබෑ කරගන්න තමයි ඇය ගුවන් සේවිකාවක් ලෙස රැකියාව අරඹල තිබෙන්නෙ. 2014 ගුවන්සේවිකාවක් ලෙස රැකියාව ඇරඹූ දා පටන් ඇය   රටවල් පනස් පහනහකට වැඩියෙන් සංචාරය කරල තිබෙනවා.

ඇගේ පෙම්වතා ගැන කියන්න අකමැතියි කියලයි ඈ මාධ්‍යට කියන්නෙ” එයා ගැන කියන්න බෑ ” ඇය මාධ්‍ය කිහිපයකටම කියා තිබුණා.

මේ ඇගේ ලස්සන ඡායාරූප එකතුවක්.