දිනේෂ්ට පාර්ශව රැසකින් සුබ පැතුම්

ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශව රැසක් සුභ පැතුම් එක් කර තිබෙනවා. ඒ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, 43 සේනාංකයේ පාඨලී චම්පික රණවක මහතා, කොළඹ පිහිටි අමෙරිකානු හා චීන තානාපති කාර්යාල මෙන්ම ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයද ඒ අතර වනවා.

එක් අතක් වැලමිටෙන් පහළ අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයන් සහභාගිවන F- 46 කාණ්ඩය යටතේ, මීටර් 67 යි දශම 7 යි 9 ක දුරකට හෙල්ලය විසි කරමිනුයි දිනේෂ් මෙම දක්ෂතාවය දැක්වීමට සමත්වූයේ.