
දිනක්ෂි සහ සාරංග කියන්නේ අපේ කලා ලෝකේ ආදරණිය දෙදෙනෙක්. මවු පදවිය ලබන්නට බලාපොරොත්තුව සිටින දිනක්ෂි මේ දිනවල කලා නිර්මාණවල දකින්නට ලැබෙන්නෙ නෑ. ඔවුන් පසුගියදා පළමු විවාහ සංවත්සරය සැමරුවා. ඒ නිසාම වෙන්න ඇති අද දිනක්ෂි ගේ නිළ ෆේස්බුක් ගිණුමේ ඔවුන්ගේ ආදරණීය මංගල දිනයේ ඡායාරූපයක් පළකොට තිබුණා.
එම ඡායාරූපයට යටින් අයෙක්
අනුන්ගේ මිනිස්සු ගන්නවාට මුන්ට හේන ගහනවා
යනුවෙන් කමෙන්ට් කර තිබුණා.
ඒ සඳහා දිනක්ෂි අපූරු පිළිතුරක් ලබාදී තිබුණා.
වී ගොවිතැන හැරුනු විට උස්බිමෙහි කරනු ලබන සියලු වගාවන් හේන් ගොවිතැන යන නාමයෙන් ආවරණය විය. එබැවින් එයට ගොඩ ගොවිතැන යයි නමක් ද විය.
දන්නැති හින්දා කියල දුන්නේ.
මෙම ප්රතිචාරය සඳහා විනාඩි කිහිපයකදී තවත් ප්රතිචාර තුන් සියයකට වඩා ලැබුණු අතර රියැක්ෂන් 656ක් ලැබී තිබුණා.
කෙසේවෙතත් ඉන් ස්වල්ප මොහොතකට පසුව දිනක්ෂි විසින් එම ප්රතිචාරය තමාගේ පිටුවෙන් ඉවත් කරගෙන තිබුණා.
මේ සඳහා ප්රතිකාර දැක්වූ දිනක්ෂි ගේ රසිකයන් පෙර කමෙන්ටුව දැමූ පුද්ගලයාට නැවතත් එසේ නොකරන්නට තරමට දැනෙන කමෙන්ට්ස් යොදා තිබුණා.