
එංගලන්තයේ දී විනය කඩකිරීමකට සිදුකල මේ දිනවල ගොඩක් විවෙව්චනයට ලක් වුනු නිරෝශන් දික්වැල්ල වසරක තරග තහනමකට යටත්ව සිටිනවා. නැවතත් තරග තහනමෙන් පසු සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමේ බලාපොරොත්තුවෙන් මේ දින වල පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා. මේ නිරෝෂන් දික්වැල්ල පිළිබද සටහනක්.
1993 ජූනි 23 නුවරදී උපත ලැබූ දික්වැල්ල පටබැදිගේ දිලන්ත නිරෝශන් දික්වැල්ල තම ක්‍රිකට් දිවිය අරඹන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි. ත්‍රිත්ව විද්‍යාලයේ කොරීඩෝවකින් ගමන් කරනා ඕනෑම සිසුවෙක් දක්ශ රග්බි ක්‍රීඩකයෙක් බවට මතයක් තිබිනි. නමුත් ඕවල් පන්දුව වෙනුවට ක්‍රිකට් පන්දුව දික්වැල්ල අත තැබීමට ඔහුගේ දෙමාපියන්ට ඇවැසි විය.
ඉන් පසු ඔහු ක්‍රිකට් ඇකඩමියකට ඇතුලත් වූ අතර ඔහුගේ මුල්ම ක්‍රිකට් ගුරුවරුන් බවට පත් වූයේ බර්නාඩ් පෙරේරා සහ හැරල්ඩ් රණසිංහයි. ඉන්පසු 13න් පහල ත්‍රිත්ව පිල නියෝජනය කරන දික්වැල්ල ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණශීලී පිතිකරුවෙකු ලෙස ඉදිරියට පැමිණියේය.15න් පහල කණ්ඩායමේ ක්‍රීඩා කරන විට පාසල් පුහුණුකරු ඔහුගේ දක්ශතා හදුනාගත්තද 2008/09 අන්තර්පාසල් තරග සමයේ ආරම්භය ඔහුට සුභදායක නොවීය.
ශාන්ත පීතරයන්ට එරෙහිව තිබූ පලමු තරගයේදී ඉනිම් දෙකේදීම ලකුණු රැස් කිරීමට දික්වැල්ල අපොහොසත් වූ අතර එය ඔහුට විශාල පීඩනයක් විය. ඔහුව නවවෙනි තරගයේදී විවේක ගන්වන අතර කණ්ඩායමේ සිටි වමත් පිතිකරුවන් 3 දෙනාගෙන් එක් අයෙකු ආබාදයකට ලක්වීම නිසා ඔහුට යලිත් අවස්ථාව හිමි විය. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් දික්වැල්ල විද්‍යාර්ථයන්ට එරෙහිව ලකුණු 140ක් රැස් කරගන්නට සමත් විය.
එම තරගයේ පෑ දස්කම් නිසාම අවුරුදු 15ක් වැනි ලාබාල වයසකදීම ත්‍රිත්වයන් සහ ශාන්ත අන්තෝනී විද්‍යාලය අතර පැවැත්වෙන කන්ද උඩරට නිල් මහා සටන නියෝජනය කරන්නටද නීරෝට හැකිවිය. එම තරගයේදී ලකුණු 46ක් රැස් කරන ඔහු කිත්මාල් විමලවීර සමග හොද සබදතවායක් ගොඩනැගීමට සමත් විය. තම පාසල් දිවියේ මහා තරග 4කට මුහුන දෙන ඔහු සදහන් කරන්නේ එම තරග තම ක්‍රිකට් දිවිය ගොඩනගා ගැනීමට මහත් සේ ඉවහල් වූ බවයි. ඉන් පසු ත්‍රිත්වයේ 17න් පහල කණ්ඩායමේ නායකත්වය දික්වැල්ලට හිමිවෙන අතර ඔහු යටතේ ත්‍රිත්ව විද්‍යාලය 2011/12 සමයේ දෙදින තරග 14ක් ජයග්‍රහණය කරන්නට සමත් විය.
නමුත් ඔහු ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය වන්නේ වසර 26කට පසුව මහා තරගයකදී ශාන්ත අන්තෝනී විද්‍යාලය පරදා තම පාසලට කන්ද උඩරට නිල් මහා සටනේ කිරුළ රැගෙන ඒමයි. එපමණක් නොව 2011/12 සමයේදී අන්තර් පාසල් දෙදින ලීග් තරගාවලිය, පිලිමළුන් පිටුදැකීමේ එක්දින තරගාවලිය, 20/20 තරගාවලිය යන තරගාවලි ත්‍රිත්වයම ජයගත් දිවයිනේ ප්‍රථම පාසල බවට ත්‍රිත්ව විද්‍යාලය පත් කරන්නට දික්වැල්ලගේ නායකත්වය සමත් විය. එතැන් පටන් ඔහු ත්‍රිත්වයෙන් බිහි වූ විශිෂ්ඨතම ක්‍රිකට් නායකයා ලෙස නම් දැරීය.
එම තරගයට පෙරාතුව ත්‍රිත්ව පුහුණුකරු සම්පත් පෙරේරා දික්වැල්ලට ඇතුලු කන්ඩාමයට පැවසුවේ කාසියේ වාසිය ජය ගත හොත් මුලින් පන්දුවට පහර දී ලකුණු 300කට වඩා රැස් කල හොත් ප්රතීවාදීන්ට හොද පීඩනයක් දිය හැකි බවයි.නමුත් නීරෝ ඇතුලු සගයන් මෙම තීරණයට කැමැත්තක් නොදැක්වීය. තරගයේදී කාසියේ වාසිය දිනන දික්වැල්ල පුහුණුකරුගේ තීරණයට එරෙහි වෙමින් මුලින් පන්දු යැවීමට තීරණය කලේය.
ඔහුගේ මතය වූයේ ඔහු එම වර්ශයේද ලකුනු 1200ක් පමණ රැස් කරමින් ලකුණු අතර සිටි නිසා හා මුල් පෙල පිතිකරුවන්ගේද ශක්තිමත් බව නිසා ඔහුට 300ක ලකුනු ප්‍රමානයක් රැස් කල හැකි බවයි. කෙසේ නමුත් තරගයේදී දික්වැල්ල ලකුණු අතරට නොපැමිනියත් ඔහුගේ තීරණය නිවැරදි බව හගවමින් ඓතිහාසික ජයග්‍රහණයක් ත්‍රිත්ව විද්‍යාලයට ගෙන ඒමට ඔහු වාසනාවන්ත විය. එමෙන්ම 2012 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගැනීමටත් දික්වැල්ල සමත් විය.
එම වසරේදීම 2012 19න් පහල ලෝක කුසලාන කණ්ඩායමට සුදුසුකම් ලබන දික්වැල්ල එම තරගාවලියේදීද දස්කම් අතරට පැමිණීමට සමත් විය. ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය පැවැත්වුනේ ඇලන් බෝඩර් ක්‍රීඩාංගණයේදීය. එහි වහලය පැතලි අතර එයට පන්දුවක් පතිත වුවහොත් නැවත ලබා ගැනීම අසීරූ කාර්යයක් නිසා සේවකයකු වහලය මත රදවා තිබිනි. නමුත් ප්‍රහාරාත්මක පිතිකරුවන් වන ඩේවිඩ් වෝනර්, උස්මන් කවාජා, ක්‍රිස් ලීන්, ස්ටීව් ස්මිත් යන ක්‍රීඩකයන් පවා මෙම වහලය මතට පහරක් එල්ල කරනවා කිසිවෙකු දැක නැත. නමුත් නිරෝශන් දික්වැල්ල එම වහලය මතට 6 පහර 3ක් එල්ල කර තිබිනි.
මෙම තරගය අවසානයේදී පුහුණුකරු නවීඩ් නවාස් පැවසූයේ මෙම කණ්ඩායමෙන් ප්‍රථමයෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන්නෙ දික්වැල්ල බවය. ඔහුගේ ප්‍රකාශය සනාථ කරමින් තම සමකාලීන සගයන් වූ අමිල අපෝන්සෝ,තරිදු කෞශාල්,පුලින තරංග වැනි ක්‍රීඩකයන් අභිබවමින් 2014 ජූලි 24 දකුණු අප්‍රිකාවට එරෙහිව තම මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කල අතර, එම වර්ශයේම නොවැම්බර් 16 ඉන්දියාවට එරෙහිව තම මංගල එක්දින තරගය ක්‍රීඩා කලේය. ඔහු තම පාසල් ආදි සිසුවා සහ ප්‍රියතම ක්‍රීඩකයා වන කුමාර් සංගක්කාර මෙන්ම මහේල ජයවර්දන වැනි ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරන්නට වාසනාවන්ත විය.
Niroshan Dickwella (L) and Lahiru Thirimanne (R) of Sri Lanka express disappointment as the ball passes them and goes to the boundary during day 1 of the 2nd Test between West Indies and Sri Lanka at Vivian Richards Cricket Stadium in North Sound, Antigua and Barbuda, on March 29, 2021. (Photo by Randy Brooks / AFP) (Photo by RANDY BROOKS/AFP via Getty Images) Sri Lanka’s Niroshan Dickwella plays a shot during the second one-day international match between Sri Lanka and South Africa at the Rangiri Dambulla International Cricket Stadium in Dambulla on August 1, 2018. / AFP PHOTO / ISHARA S. KODIKARA
www.crickethublk.info වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී