
Diana Frances Spencer ලෙස උපත ලද ඩයනා කුමරිය 80 දශකයේ මෙන්ම 90 දශකයේ ලොව සිටි ජනප්‍රියම කාන්තාවයි. එමෙන්ම රාජකීය පවුලේ සියලු නීති රීති වලින් එපිටට ගොස් සාමාන්‍ය ජනතාවට අසීමිත ලෙස ආදරය කල තැනැත්තියකි. මේ අයුරින් සාමාන්‍ය ජනතාවට අසීමිතව ආදරය කිරීමම ඇය ලොව සියලු දෙනාගෙන් පෙරළා ආදරය ලැබීමට එක් කරුණක් විය. ඇය රජ පවුලට සම්බන්ධ වූ වෙනස්ම චරිතයක් වීමත් ඇයගේ සුරූපී බවත් නිසා පැපරාසින් නිතර ඇය පසු පස ලුහු බඳින්නට විය. අවසානයේ ඇයගේ මරණය පවා ඔවුන් විසින් ජනමාධ්‍ය උමතුවක් බවට පත්කළහ. මේ මොහොත වන විටත් අප ඇය සම්බන්ධයෙන් දන්නා දේ අල්ප ය. මන්ද ඇය පිළිබඳ බොහෝ රහස් සඟවා ඇති බැවිණි. පහතින් දැක්වෙන්නේ ඩයනා කුමරියගේ දුර්ලභ ඡායාරූප ගොනුවකි.