මේ වෙනුවෙන් බඩගින්නෙ හිටපු දවස් අනන්තයි

කෝටි ගාණක වාහනයක් ගත්ත ධරණි කියූ කතාව

ත්‍රිකලා ධරණි ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයා අතර කලක් ජනප්‍රියතම චරිතයක්.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වන ඇය 2017 වසරේදී ශ්‍රී ලංකා විශ්ව විවාහක රූ රැජිණ ලෙස  කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදාකර ගත්ත වාසනාවන්තියයි. කලක් පුරා කලාවෙන් ඉවත්ව සිටි ඇය පසු ගියදා නැවත කතා බහට ලක්වුණේ ඈ මිලට ගත් නවීනතම රේන්ජ් රෝවර් රථය නිසායි. රේන්ජ් රෝවර් රථය මිලට ගත් ඇය එස සමාජ මාධ්‍යවලට එක් කරමින් ඇගේ නිල ෆේස් බුක් ගිණුමේ මෙසේ අපූරු සටහනක් තබා තිබුණා.

හීන කියන්නේ නිදාගෙන ඉන්නකොට දකින ඒවට නෙවේ, නිදාගන්න දෙන්නෙම නැති ඒවට ……!!!!

❤️🖤
RANGE ROVER

මේ ඈ තැබූ සටහනයි.

හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපණය හැදෑරූ ඇය ඉන් පසුව සංගීත ක්ශේත්‍රය සමඟ එක්වන්නේ ශ්‍රී ලංකාවේ ලාබාලතම විශාරදවරියක් විදියට. වයස අවුරුදු පහළොවේදී විශාරදවරියක් වූ ඈ ගායිකාවක්, නිරූපණ ශිල්පිනියක්, ගුවන්සේවිකාවක් විදියටත් හමුවුණා.

කෝටි ගාණක් වටින රේන්ජ් රෝවර් එකක් මිලට ගත්ත ත්‍රිකලා ඒ ගැන සමාජ මාධ්‍යට මෙවැනි අදහසක් එක් කර තිබුණා.

“තවත් එක ආසාවක් ඉටු උන දවසක්. RANGE ROVER, ජීවිතේ කියන්නේ රේස් එකක් වගේ දෙයක්. හැබැයි මගේ රේස් එකේ, තරඟ කාරයොත් නෑ. දිනුම් කනුවකුත් නෑ. මොකද, කාත් එක්කවත් තරඟයක් නැති කෙනා හැම තත්පරේම ඉන්නේ දිනලා. අවුරුදු තිහ වෙන්න කලින් අනිවාර්යයෙන් හැබෑ කරගන්නවමයි කියලා හීන තුන හතරක් තිබ්බා. එයින් එකක් තමා මේ. ඒ වෙනුවෙන් නිදි මරපු දවස්, බඩගින්නේ හිටපු දවස් අනන්තයි. කිසිම වෙලාවක බැහැ කියලා සිතුවිල්ලක් මට ඇවිල්ලම නෑ. ඒ නිසා ධනාත්මක සිතුවිලි විතරක් මම විශ්වයට මුදා හරිනවා. ඒ නිසා මට විශ්වයෙන් ලැබෙන්නේ ධනාත්මක ශක්තිය. මම විස්වාස කරන එකම ධර්මතාව ඒක. සල්ලි පස්සේ දුවන්න එපා. සල්ලි වලට ඔයාගේ පස්සෙන් දුවන්න දෙන්න. මගේ තේමාපාඨය අන්න ඒක. මගේ followers ලා දහස් ගණනක් අතරින් එක්කෙනෙක් දෙන්නෙක් හරි, මේකෙන් ආදර්ශයක් ගනීවි කියලා, ඔයාලා එක්ක මගේ කතාව share කරගන්න හිතුණා. ආදරෙයි. ජය වේවා”

අපි ඇයගේ මේ අලංකාර ඡායාරූප පෙල ඔබට තිළිණ කරන්නේ ඇගේ සියලු කටයුතු වෙනුවෙන් සුබ පතමින්