මට මුලින්ම බය හිතුණා

ලොක්කි ටෙලිනාට්‍යයේ දෙවෙනි වෙමින් ප්‍රේක්ෂකයාගේ සිතෙහි අංක එකට ආ මේ රුවැත්තිය ධනු පෙරේරා. ධනු කියල කිව්වට ඇගේ සම්පූර්ණ නම ධනුෂිකා සඳරේණු පෙරේරා. පිළියන්දල උපන් ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථක් නර්තනය සම්බන්ධයෙන් උපාධිධාරිනියක්.

අහම්බෙන් රංගනයට පැමිණි ධනූ ලොක්කි හරහා විශාල ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගත්තා. මේ ආකර්ෂණය හරහා ඉදිරියේදී කටයුතු කරන බව ඇය පවසනවා. ඒ වගේම තෝරා බේරාගෙන නිර්මාණවලට දායකවන බව ඈ පවසනවා.

ධනුගේ පළමු රංගන අත්දැකීමවන ලොක්කි ගැන ඈ කියන්නේ මෙහෙමයි.

“මුලින්ම බය හිතුණා. මොකද මම කවදාවත් රඟපාලා තිබුණේ නැහැනේ. පාසැල් කාලේදි පාසැල් නාට්‍ය තරඟවලට සහභාගී වෙලා තිබෙනවා. ඒ හැරුණුකොට මම කලින් රඟපාලා තිබුණේ නැහැනේ. ඒ නිසා ඒ ගැන ලොකු දැනුමක් මට නැහැ. අනික මට ලැබුණු චරිතය ටිකක් අමාරු චරිතයක්. පස්සේ ඉතින් හැමෝගේම සහයෝගයත් එක්ක මම ඒ චරිතය හොඳට කළා කියලා හිතනවා.”

ධනුගේ ඉදිරි කටයුතුවල සුබ පතමින් අපි ඔබට ඇගේ මේ ඡායාරූප පෙළ එක් කරනවා.