
දෙරණ රූපවාහිනී නාලිකාවට අයත් යූ ටියුබ් නාලිකාවක් කිසියම් කණ්ඩායමක් විසින් මේ වන විට හැක් කර තිබේ.
දෙරණ ටීවී යූ ටියුබ් නාලිකාව හැක් කළ පුද්ගලයින් මේ වන විට එහි සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටී.
බිට් කොයින් නැමති ජාත්‍යන්තර මූල්‍ය ජාවාරමක් ප‍්‍රවර්ධනය කරමින් තවමත් සජීවී වැඩසටහන විකාශය වේ.
දෙරණ රූපවාහිනී ජාලයේ හිමිකරු දිලිත් ජයවීර විසින් සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් යූ ටියුබ් නාලිකාව හැක්වී ඇති බව සදහන් කර තිබුණි.

