
ඊයේ අවසන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කර තිබූ SLC Invitational T20 League තරගාවලියේ SLC Greys කණ්ඩායම ශූරතාවය දිනා ගත් අතර එහි නායක, ශ්‍රී ලංකාවේ වර්තමාන විස්සයි විස්සයි ක්‍රිකට් කණ්ඩායමේ ද නායකත්වය දරණ දසුන් ශානක තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ද වන්නේ දසුන් ශානකයි.
තරගාවලියේ වීරයාට ලැබුණු මුදල් ත්‍යාගය කොවිඩ් වෙනුවෙන් යොදවන්න ඔහු තීරණය කරලා තියෙනවා.
“රටේ තත්වෙ ගොඩක් දරුණ අතට හැරිල කියල හැමෝටම පේනවා, ඒ වගේම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයොන්ව දැනුවත් කරල තියෙන්නෙ කලුබෝවිල හොස්පිටල් එකේ වෙන Unit එකක් හදනව කියල ෆික්ස් වෙන්ටිලේටර් එකක් හයි කරන්න, ඒ වෙනුවෙන් තරගාවලියේ වීරයා විදියට මට ලැබුණ සම්පූර්ණ මුදලම මන් පරිත්‍යාග කරනවා, ඒ වගේම අපේ කණ්ඩායමට ලැබුණු මුදලිනුත් මුදලක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා “- දසුන් ශානක
උපුටා ගැනීම – Lankan Paradise ෆේස්බුක් පිටුවෙනි