මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ‘ධරණි’ ටෙලිනාට්‍යයේ ‘තරුමිණී’ ලෙස ප්‍රධාන චරිතයට පණ පොවන ඇය හේෂානි ලියදිපිටයි. 2020 දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළ පළන් ඈ දැන් ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය රසික ප්‍රජාවගේ හද දිනා සිටී.
දක්ෂ නර්තන ශිල්පිනියක් ද වන ඇය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යාවකි. පහතරට නර්තනය සහ අනෙක් නර්තන ශෛලීන් ද හදාරන ඇය කොළඹ යශෝදරා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
