පහන්තුඩා දිය ඇල්ලේ අසැබි වීඩියෝ වලට එරෙහිව නීතිමය පියවර

වත්මන් දරු පරපුර, ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා රටේ සංස්කෘති යහපැවැත්ම රැකගන්න පෙරට එන්න. පහන්තුඩා දිය ඇල්ලේ අසැබි වීඩියෝ දර්ශන වලට එරෙහිව නීතිමය පියවර ගනිමු.

පහන්තුඩාව දිය ඇල්ල අසල සිදු කරන ලද අසභ්‍ය වීඩියෝ දර්ශන සම්බන්දයෙන් ඉක්මනින් නීතිමය පියවර ගන්නා ලෙස දම්සක් පදනම සභාපති ශ්‍රාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි. මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙවැනිම වීඩියෝ පටයක් මීමුරේ ප්‍රදේශයේ ද රූගත කර අන්තර්ජාලයට මුදා හැර ඇතැයි ද උන් වහන්සේ සදහන් කරයි.

සංචාරක කර්මාන්තය පිලිබදව වැරදි චිත්‍රයක් ලෝකයට පැතිරී යන අතරම සදාචාරාත්මක සහ සංකෘතික වශයෙන් ද හානියක් මෙම සිදුවීම මගින් සිදු වන බව ද සදහන් කරයි.

අදාල ලිපිය පහතින්.

පහන්තුඩාව දිය ඇල්ල පිලිබදව අප වෙබ් අඩවියේ පල වූ ලිපිය පහතින්.
https://ratawata.com/pahanthudawa-waterfall/