
- විසි වසරක මෙහෙයුම් අවසන් කරමින් ඇෆ්ගනිස්ථානයට අනුයුක්ත කර සිටි අමෙරිකානු හමුදාභටයින් එරටින් පිටත්ව ගිය බව පෙන්ටගනය නිවේදනය කරයි
- හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සැප්තැම්බර් 14 වනදා දක්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරයි
- දිවයින පුරා ඇති සියලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සහ කොළඹ වෙළෙඳ මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා හෙට (සැප්.01) සහ අනිද්දා (සැප්.02) විවෘතව තැබීමට තීරණය කරයි
- ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව අද වැඩිම අගය වාර්තාකරමින් ඩොලරයක විකුණුම් මිල රුපියල් 204.89ක් ලෙස සටහන් වෙයි.
- කොවිඩ් -19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 2,164 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාම සමඟ වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 374,156 දක්වා ඉහළ යයි.
- තවත් කොවිඩ් ආසාදිත මරණ 194 ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අගෝස්තු 30 වනදා තහවුරු කිරිමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9185 දෙනෙකු දක්වා ඉහළ යයි.
- කොවිඩ් ආසාදනය වී සුව වී සිටින වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා තමාගේ ප්‍රකාශය ලබාදීමට CIDයෙන් දින 14ක් ඉල්ලයි.
- රජයේ වියදම් සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනෙට්ටුවට ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත වේ.
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ පලිබෝධනාශක අනතුරුදායක වර්ගීකරණයේ තෙවැනි හා සිවුවැනි පන්තියේ පලිබෝධනාශක ආනයනය සඳහා අවසර දීමට රජයේ අවධානය යොමු වෙයි.