නිරෝධායන නීති කඩ කළ 60,000 අත්අඩංගුවට – පොලීසිය

නිරෝධායන ඇඳිරි නීතිය සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 667ක් ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මේ දක්වා සමස්ත පුද්ගලයින් 60,228 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
ගෙවුණු පැය 24 තුළ පමණක් පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 63කි.

බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 13 ක මාර්ග බාධක පැය 24 පුරා ක්‍රියාත්මක අතර ඒවායේ රථවාහන පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

Scroll to Top