අවුරුදු 18 – 30 අතර පිරිසට කොවිඩ් මර්දන එන්නත

වයස අවුරුදු 18ත් 30ත් අතර වයස්වල පසුවන අයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සඳහා එන්නත් ලබාදීමේදී අවුරුදු 18ත් 30ත් අතර පිරිස් සඳහා යම් එන්නත් ප්‍රමාණයක් මේවන විට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අවුරුදු 18ත් 30ත් අතර වන මිලියන 3.7 ක පිරිසක් සිටින බවත් ඔවුන් වෙනුවෙන් කඩිනමින් එන්නත් ලබාදීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.