
කොවිඩ් මර්දන පිළිබඳ තාක්ෂණික කමිටුවේ සාමාජිකයන් ඉවත්වීම සමඟ කමිටුව කැඩී යාමට ලක්වන ලකුණු දක්නට ලැබේ. ප්‍රථමයෙන්ම මෙම කමිටුවේ සාමාජිකත්වය දැරූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද ඉල්ලා අස්විය. ඒ මහතාට කමිටුව පිළිබඳ නැවත සලකා බලා එක්වන්න යැයි ආරාධනා කරන මොහොතක නිර්වින්දන වෛද්‍ය සංගමයේ සභාපති කොළඹ දකුණ මහරෝහලේ නිර්වින්දන වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද කොවිඩ් කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බවට සැලවේ. වසර එකහාමාරකට පමණ කාලයක් මෙම කමිටුවේ සාමාජිකත්වය දැරූ හෙතෙම සඳහන් කර ඇත්තේ තමාගෙන් එම කමිටුවට සෙතක් වේ යයි සිතා ඉවත් වූ බවය. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මේවනවිට නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර කර නැත.