
ඉදිරි සති දෙකෙන් පසු මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට හැකි වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මේ වනවිට දින දහයක කාලයක් රට තුළ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරමින් වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට ගත් පියවරට අනුව ජනතාව හැසිරී තිබෙන ආකාරය ද ඉදිරි දිනවල වාර්තාවන ආසාදිතයන් අනුව තේරුම්ගත හැකි බව වෛද්‍යවරයා පැවසීය.
දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරිනීති සීමාව කොයි මොහතක හෝ ඉවත්කරන බැවින් ඊට පෙරාතුව පොදු ගමනාගමන හා ආයතනවලදී සේවකයන් හසුරවන නව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් සැකසීමට ඒ ඒ අංශවල බලධාරීන්, නිලධාරින් කටයුතු කළ යුතු බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
එසේ නොමැති උවහොත් රට විවෘත කළ සැණින් වයිරසය යළි පැතිරීයනු ඇති බවද ඔහු පැවසීය.
සෞඛ්‍ය අංශවලට පමණක් මෙම වෛරසය පාලනය කළ නොහැකි බැවින් එකිනෙකා අතර දුරස්ථභාවය තබාගෙන එදිනෙදා කටයුතු කරගෙන යාහැකි ලෙස සෑම අංශයක්ම ආවරණයවන පරිදි නව ආරක්ෂිත ක්‍රමවේද සැකසීම අත්‍යවශ්‍ය බවද ඒ මහතා අවධාරණය කළේය.