ආසාදිතයන් අඩු වුවත් තවම අවදානම තියෙනවා

කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණවල අඩුවීමක් පෙන්නුම් කරන නමුත්, රට තුළ කොරෝනා වෛරසය පිළිබද ව දැඩි අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

තවමත් සියයට සියයක් සෑහීමකට පත්විය හැකි තත්ත්වයට පැමිණ නොමැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.