
මෙරට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි තුන් දහසේ මට්ටමට පැමිණ තිබෙනවා.
එලෙස දෛනික ආසාදිතයින් 4,000 මට්ටමේ සිට 3,000 මට්ටමට අඩු වූයේ දින 12 කට පසුවයි.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 3,828 දෙනා සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්‍ෂ 44,130 ක් දක්වා ඉහළ ගියා.
අගෝස්තු මස මුල් සතියේ දෙදහසේ මට්ටමේ පැවති දෛනික ආසාදිතයින් අගෝස්තු මස 11 වනදායින් පසු 3,000 මට්ටමට පැමිණියා.
එය ක්‍රමිකව වැඩි වී දෛනික ආසාදිතයින් හාර දහසේ මට්ටමට පැමිණියේ ඉකුත් 19 වනදායින් පසුවයි. ඉන් පසු ඉකුත් 31 වනදා දක්වා කාලයේදී අඛණ්ඩ දින හයකදී දෛනික ආසාදිතයින් පන් දහසේ සීමාව පවා ඉක්මවා ගොස් තිබූ බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පරීක්‍ෂා කිරීමේදී දැකගත හැකියි.
එම දින හයෙන් හතරකටම, එතෙක් වාර්තා කර තිබූ දෛනික ආසාදිතයින්ට වඩා වැඩි අගයක් වසංගත රෝග විද්‍යා අංශය විසින් පසුව එක් කරනු ලැබුවේ ප්‍රමාද වී තහවුරු කරන ලද රෝගීන්ගේ දත්ත බව පවසමින්.
අගොස්තු මාසය තුළ පමණක් කොරෝනා මරණ 4,959 න් සිදුව ඇති බවයි දත්ත පරීක්‍ෂා කිරීමේදී දැකගත හැකි වන්නේ. මෙරට තුළ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවද 9,400 ක්.