මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඩුවෙයි

අඛණ්ඩව 03 වන දිනටත් මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්දහසේ සීමාව දක්වා අඩු වී තිබෙනවා. 

ඉකුත් 31 වනදා මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 4, 221 ක්. 

එහෙත් ඉකුත් පළමු වනදා ආසාදිතයින් 3, 828 ක් සහ 02 වනදා ආසාදිතයින් 3,619 දෙනෙකු ලෙස වාර්තා වුණා. 

ඊයේ දිනයේද මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 3, 644 දෙනෙකු බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

ඉකුත් 2 වනදා සිදුවූ කොරෝනා මරණ 202 ක් ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළා. ඒ අතරින් 155 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

Scroll to Top