පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තුෂාන් ගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් සමූපාකාර, සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.