
රටෙහි පවතින තත්වය හේතුවෙන් රටපුරා නගර වසාදැමීමට වෙළෙඳ සංගම් පියවර ගනිමින් සිටී.
ප්‍රධාන මර්මස්ථානයක් වන පිටකොටුවේ වෙළඳසැල් වසා තබන්නේ ද නැද්‌ද යන්න පිළිබද අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු තීරණය කරන බවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය පවසයි.
කෙසේවෙතත් මෙසේ වසන ලද නගරවල ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්භල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන විවෘතව තැබෙනු ඇත.
මේ අනුව අද සහ හෙට සහ අනිද්දා සිට කඹුරුපිටිය, වැලිමඩ, මීගමුව, කොච්චිකඩේ, සියඹලාණ්ඩුව යන නගර ද වසා දැමීමට වෙළෙඳ සංගම් තීරණය කර තිබේ.
මීගමුව, කොච්චිකඩේ නගර හෙට සිට මේ මස 25 වනදා දක්වා වසාතැබේ. අනිද්දා සිට දින 15ක කාලයක් සියඹලාණ්ඩුව නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසාදැමේ.
වැලිමඩ නගරයේ ව්‍යාපාරික ස්ථාන හෙට රාත්‍රි 10 සිට 26 වනදා අලුයම 4 දක්වා වසා තැබේ. කඹුරුපිටිය නගරයේ සියලුම වෙළඳසැල් අනිද්දා සිට 25 වනදා දක්වා වසාතැබේ.
ඊයේ වනවිට රටපුරා නගර 32කට අධික සංඛ්‍යාවක් ස්වයං-හුදෙකලා ක්‍රියාමාර්ගයකට එළැඹීම හේතුවෙන් වසා දමා තිබුණි.
ත්‍රිකුණාමලය නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, කෑගල්ල, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මංහන්දිය, වාද්දුව, බාඳුරාගොඩ, රිකිල්ලගස්කඩ සහ අලව්ව යන නගර මෙන්ම, යාපනය කොඩිකාමම්හි වෙළඳ සංකීර්ණය වසා දමා ඇත.
ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බලංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය සහ මාතලේ යටවත්ත සේලක්කරය යන නගරද ස්වයං පාලනය වෙමින් කඩ සාප්පු වසා ඇත.