කොණ්ඩා විලාසිතාව වෙනස් කළ චූලක්ෂි කියූ දේ

චූලක්ෂි රණතුංග පිළිබඳ අප අමුතුවෙන් හඳුන්වාදීමට අවශ්‍ය නැහැ. ඇය පසුගිය කාලයේ හිරු මෙගා ස්ටාර් නිසා අතිශය කාර්ය බහුල වෙලා හිටියා. ඇය ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම වගේම ප්‍රතිභාපූර්ණ රංගන නර්තන මෙන්ම නිරූපණ ශිල්පිනියක් ඇය නව කොණ්ඩා විලාසිතාව සමඟ මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

කලාව ජීවිතය වර්ණවත් කරනවා, විටෙක එය පෞර්ෂය විහිදුවා දක්වන වටිනා ආභරණයක්. හිරැ මෙගා ස්ටාර් රියැලිටි වේදිකාවෙන් ලද ආදරයත්, මේ රියැලිටි අත්දැකීම තුළින් ආරම්භයේ සිට මාගේ අවසන් ඉදිරිපත්කිරීම තෙක්ම ප්‍රේක්ෂකාදරයට පාත්‍ර වීමට ලැබීමම රෑපණය, නිරෑපණය මතින් මා ලද කිරැළ ඔපවත් කරන්නට එක් වූ තවත් වටිනා මාණික්‍යක් ලෙස ඉතා ⁣ගෞරවයෙන් මා පිලිගන්නවා….

Being a strong believer of my own instincts, I really value this great opportunity joining with Hiru Mega Star reality contest not just accepting it as a platform to perform my my talent and creativity, but also to add another stone to the precious crown I earned through purity, glamour and respect. Finally I would like to offer my heart felt love and gratitude to each and every one in this amazing team who took me this far with lot of support and dedication. Let me leave this note with sparks of hope to see you guys in another enjoyable experience in my journey!…..

ආරම්භයේ පටන් මේ වේදිකාව මත ගෙවුන අවසන් ඉදිරිපත් කිරීම දක්වා මා ඔසවා තබමින් මා ඉදිරියට රැගෙන පැමිණි, ආදරය කළ ප්‍රෙක්ෂක ඔබ සියලු දෙනාටත්, හිරැ මෙගා ස්ටාර් හි සියලුම කාර්ය මණ්ඩලයටත්, විවිධ තේමාවන් යටතේ ⁣සියලු අංගයන් වර්ණවත් කරන්නට ඇඳුම් නිර්මානය කරදුන් මයිකල් විජේසූරිය(Michael Wijesuriya- Designer & Fashion Consultant), මිනෝෂාන් වනසිංහ(Minoshan Wanasinghe), හිරාන් විජේසේකර(Hiran Wijesekara Costumes & Bridals), නිල්මිණි ප්‍රනාන්දු සහ අමිල උදය (Amila Udaya Perera) ටත්, තරඟාවලිය පුරාවටම මගේ නර්ථන සහයක ලක්ෂාන් වෙනුවෙන් ඇදුම් නිර්මාණ සපයා දුන් ඉම්තියාස් ආයතනයටත් (Imtiaz Designers),  හැඩගැන්ම්, වේෂ නිරෑපණයෙන් සහය වු මිනෝෂාන් (Minoshan Wanasinghe Bridal Array), විරාන් (Viran José Peter – Makeup Artist), සුරේෂ් රත්නායකටත්, කේෂාලංකරණයෙන් සහය වූ අවීරා (Aweera Hair & Beauty) ආයතනයටත්, පසුතල නිර්මාණයෙන් දායකත්වය ලබා දුන් ඩිලාන් සංජීවටත්,  නර්ථන වින්‍යාස නිර්මාණය වෙනුවෙන් ගයාන් (Gayan Dance Troupe), සාරා අබේවර්ධන(Saara Abeywardane), සඳුන් (Sandun Charuka Munasinghe) යන අයටත්,  නර්ථන මෙහෙයවීමෙන් සහය වූ සඳුන් චාරැක, සජී සූරියදෙනිය, නදීෂ් රන්දික ටත්,  මුල සිට අවසන් මොහොත තෙක් මේ නිර්මානාත්මක වේදිකාව මතින් නර්ථනය උපරිමයෙන් ඉදිරියට ගෙනයන්නට සහය වු නර්ථන සහයක ත්‍රිත්වය බාස්කර්, සුධීර සහ ලක්ෂාන් යන තිදෙනාටත්, ජායාරෑපකරණයෙන් සහය ලබාදුන් සියලු දෙනාටත්, විශේෂයෙන් ම ඉහත සියලු කටයුතු මෙහෙයවමින් නොමසුරැ සහයක් ලබාදුන් සකුන් ද සිල්වා ටත් මාගේ හදපිරි ගෞරවනීය ආදරයත් ස්තුතියත් පුද කරනවා.

මේ රියැලිටි වේදිකාව සැමවිටම අභියෝගයකටත් වඩා මගේ ජීවිතය තවත් ඉහලින් ඔසවා තබන්නට සමත් වූ එක් සුවිශේෂි සංධිස්ථානයක් බව මතක් කරන්නෙ ඉතා සතුටින් සහ තෘප්තියෙන්, ඒ වගේම මෙහි මට දැ⁣නුන සුවිශේෂත්වය වන්නේ ඇත්තෙන්ම චුලක්ෂි රණතුංග පමණක් තරැවක් ලෙස ඉදිරියට යෑම, කැපී පෙනීමට වඩා මාගේ දක්ෂතාවය වේදකාව මත දිගහරින්නට මේ හැමදෙනාමත් එක්ව ජයග්‍රහණය කළ සාමුහික ප්‍රයත්නයක් ලෙසයි.

ඒ වගේම මා හා තරඟවැදුනු සියලුම සහෝදර කලා කරැවන්ටත් මගේ හදපිරි සුභපැතුම් එක් කරනවා…!

මෙතෙක් මා ඉදරියට ඔසවා තැබූ ඔබ සියලු දෙනාගේ ආදරයට බෙහෙවින් ස්තුතියි,
-චුලක්ෂි රණතුංග

(උපුටාගැනීම – චූලක්ෂි රණතුංග නිළ ෆේස්බුක් පිටුව)

මේ ඡායාරූප පෙළට ප්‍රතිචාර දක්වමින් බොහෝ රසික රසිකාවන් ඇගේ අනර්ඝ කොණ්ඩය කැපීම පිළිබඳ කණගාටුවට පත්ව තිබුණා.

චූලක්ෂි ගේ අනාගතය සුබම වේවා!! පතමින් අපි පහත අලුත්ම ඡායාරූප පෙළ ඔබට පිරිනමන්නට සූදානම්.