චුලක්ෂිගේ නර්තන හැඩ

චූලක්ෂි සෞභාග්‍යා රණතුංග එහෙම කිව්වට නොදන්නවාවුණාට චූලක්ෂි රණතුංග කිව්වම ඇය නොදන්නා අය ඉන්නෙ ටික දෙනයි. චූලක්ෂි කියන්නේ දක්ෂතා රැසකින් පරිපූර්ණ නිළියක්, නිරූපණ ශිල්පිනියක් වගේම නර්තන ශිප්පිනියක්. ඒ හැම අංශයකම දක්ෂතා විවිධ අවස්ථාවලදී අපි දැකල තියෙනවා. මේ දිනවල හිරු ඩාන්සින් ස්ටාර් වේදිකාවේ ඇගේ දක්ෂතා ඉහළින්ම තිබෙනවා.

ඒ වගේම චුලක්ෂි මෝස්තර නිරූපණ ක්ශේත්‍රයේ අපේ රට නම බබළවපු චරිතයක්. 1989 වසරේ උපන් ඇය 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුල දිනමින් මිස් වර්ල්ඩ් තරගාවලියට සුදුසුකම් ලබනවා.

ඉන් පසුව ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දේදුණු ආකාසේ චිත්‍රපටය හරහා සිනමාවට එන ඈ ඉන් පසුව මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ විජයබා කොල්ලය, උදයකාන්ත වර්ණසූරියගෙ ගිනිලල් පොකුරු සහ ජයන්ත චන්ද්‍රසිරි ගේ මිදුණු විශ්වය කියන චිත්‍රපටවල ප්‍රධාන නිළිය විදියට අපට හමුවෙනවා.

සෝමලතා සුබසිංහ, ප්‍රසන්නජිත් අබේසුන්දර සහ ජයන්ත චන්ද්‍රසිරි කියන ප්‍රවීණයන්ගෙන් රංගනය හැදෑරූ මේ සුරූපිනිය තවමත් නිරූපිකාවක් විදියට අතිශය ජනප්‍රියයි.

මේ දිනවල හිරු මෙගා ස්ටාර් වෙනුවෙන් කැපවන චූලක්ෂි ගේ නර්තන ලාලිත්‍යයි මේ.