
වයස අවුරුදු 18 ට අඩු ළමුන්ට ඔන්ලයින් ක්‍රීඩාවල නිරතවීම චීනය විසින් සීමා කර තිබෙනවා.
ඒ අනුව දිනකට උපරිම පැයක කාලයක් බැගින් සිකුරාදා, සති අන්තයේ දිනවල සහ නිවාඩු දිනවලදී රාත්‍රී 08 සිට 09 දක්වා පමණක් එලෙස අවසර හිමිවනු ඇති.
මෙම කාලසීමාවලින් බැහැරව කිසිදු ළමයෙකුට ඔන්ලයින් ක්‍රීඩාවල නිරතවීමට ඇති ඉඩකඩ වළක්වන ලෙස චීන බළධාරීන් විසින් ක්‍රීඩා සමාගම්වලට දන්වා තිබෙනවා.
චීන ළමුන් අති බහුතරයක් ඔන්ලයින් ක්‍රීඩා සඳහා දැඩිව ඇබ්බැහි වී සිටීමයි මීට හේතුවී ඇත්තේ.