
ඔබ අප හැමෝම දන්නා දක්ෂ නිලියක වන ලෝචනා ඉමාෂි විසින් ආරම්භ කරන ලද Child Care By Lochana පදනම මගින් සමාජ සත්කාරක වැඩසටහන් කීපයක් පසුගියදා සිදු කරන ලදී. මේ තවත් එවන් වැඩසටහනක් පිලිබදව ඇයගේ ෆේස්බුක් පිටුවේ සදහන් කිරීමකි.
පණිවිඩය පහතින්.
පරීත්‍යාගශීලීව ඉදිරියට යායුතු බව තීරණය කරමින් මා විසින් ආරම්භ කරන ලද Child Care By Lochana පදනම මඟින් දෙවන පරිත්‍යාගශීලී වැඩසටහන ඊයේ දිනයේ සූරියවැව ප්‍රදෙශයේ දිළිදු පවුලක් සඳහා ආධාර ලබාදුණි, මෙම පවුලේ කුඩා දරුවන් තිදෙනෙකුගෙන් වන අතර කුඩාම දරුව මාස කිහිපයක් වන අතර අනෙකුත් ගැහැණු දරුවන් දෙදෙනා 4 වන වසරේ ඉගෙනුම ලබති. මාස 3ක් වයසැති කුඩා දරුවාගෙන් පසුව මව අංශභාග තත්වයට පත්ව ඇති අතර පියා විරකියාවෙන් තොරව දරුවන්ව නිවසේ සිට රැකබලා ගැනීම සිදු කරන ලබනවා.
මෙම උතිම් කාර්යය සඳහා පූජ්‍ය සිරි රතන ස්වාමීන්වහන්සේ සහ මාගේ දෙමව්පියන්ගේ අනුශාසනා සහ උපකාර ලැබුණි. ඉදිරියේදී ද මෙවන් ආකරයේ පරිත්‍යාග සිදු කිරීමට මා සූදානමින් සිටින අතර උදව් උපකාර කිරීමට කැමති ඔබ හට ද්‍රව්‍යම ආකාරයෙන් සහභාගී විය හැක. මේ සඳහා මාගේ ෆෙස්බුක් ගිණුම හරහා ඔබට සම්බන්ධ විය හැක.