ඔක්සිමිටර් සඳහා උපරිම මිලක් නියම කරයි

කොවිඩ් -19 වෛරසයේ පැතිරීමත් සමග ඉහළ ඉල්ලුමක් පවතින ඔක්සිමිටරයක උපරිම සිල්ලර මිල රුපියල් 3,000ක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා.

රාජ්‍ය අමාත්‍යාංශයේ අද පැවති රැස්වීමකදී මේ සම්බන්ධයෙන් වන තීරණය ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර මෙරටට රැගෙන එන ඔක්සිමිටර්, ස්වයංක්‍රිය උෂ්ණත්වමාන සහ ඔක්සිජන් සාන්ද්‍රන යන්ත්‍ර ගෙන ඒමට අවසර ලබාදීමේදී ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් අවදානය යිමු කරන ලෙස ඇමතිවරයා උපදෙස් ලබාදී ඇත.