
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දැනට සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ලෙසද රංජන් රාමනායක මහතා මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැප වී කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ධනය පවා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැය කළ අයෙකු බවයි හිටපු ජනාධිපතිනිය යොමු කළ ලිපියෙහි සඳහන් වන්නේ.