චාගෝස් දූපත් එංගලන්ත මුද්දර අත්හිටුවයි

ලෝක තැපැල් ප්‍රතිපත්ති භාර එක්සත් ජාතීන්ගේ ආයතනයක් වන විශ්ව තැපැල් වෘත්තීය සමිතිය ඡන්දයක් මගින් තීරණය කරනු ලැබුවේ එක්සත් රාජධානියේ මුද්දර භාවිතය එහි තහනම් කළ යුතු බවය. මෙම සිදුවීමෙන් අනතුරුව එංගලන්තය ප්‍රකාශකර සිටියේ ආරක්ෂක කටයුතු සඳහා දූපත් තවදුරටත් අවශ්‍ය නොවන තුරු තමන් එහි පාලනය අත් නොහරින බවයි.

මේ අතර මෙහි ගුවන් හමුදාකඳවුරක් සඳහා එක්සත් ජනපදය දැනට භාවිතා කරන්නේ දූපත් වලින් විශාලතම දියාගෝ ගාර්ෂියා ය.

කෙසේ වෙතත් 3,000 ක පමණ ජනගහනයක් සිටින දූපත් සමූහය එංගලන්තයේ පැරණි අධිරාජ්‍යයේ කොටසක් බවත් වහාම එය භාර දිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ බලවත් ආයතන තුනක් දැනටමත් තීරණය කරතිබේ. ඉන් පසුව මෙහි මීළඟ අදියර ලෙස මෙම කලාපයේ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කිරීමටද ඔවුන් තීරණය කරන බව පවසයි.

BBC ඇසුරෙන්