දේශපාලන පුවත්

සජින් වාස් නිදහස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අල්ලස් නඩුවකින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කර තිබේ. සජින් වාස් ගුණවර්ධන මහතා මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිල දී ගැනීමේදී රජයට රුපියල් මිලියන 883ක පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණි. …

සජින් වාස් නිදහස් Read More »

වැඩ බලන ජනමාධ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශගත වීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

බිත්තර ආනයනය කළේ සෞඛ්‍ය ආරක්ෂිතවයි

වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු පවසයි “කොහොම හිර කළත් අපි ජනතාවට අවශ්‍ය සහන දෙනවා” යැයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වැලිමඩ නව සතොස ශාඛාව විවෘත කරමින් පැවසීය. ආනයනික බිත්තර ලංකාවට ගෙන්වා ඇත්තේ සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව බවත්, මොන බලපෑම් සිදු කළ ද බිත්තර තොගය මුදාගෙන පාරිභෝගික ජනතාවට අවශ්‍ය සහනය දෙන බව වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා …

බිත්තර ආනයනය කළේ සෞඛ්‍ය ආරක්ෂිතවයි Read More »

විපක්ෂනායකගෙන් රජයට අනතුරු ඇඟවීමක්

රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මාර්තු මාසයේ වැටුප් වහාම ගෙවන ලෙසට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එම වැටුප් නොගෙවීමට එරෙහිව විරෝධය පළකරමින් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කර තිබේ. එමඟින් විපක්ෂනායකවරයා පෙන්වා දෙන්නේ එම ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවන ලෙස ණ්ඩුවට බලකර සිටින බවත් එය එසේ නොවුණ හොත් මූලික අයිතිය උල්ලංඝනය කිරීමට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ව්‍යවස්ථාදායකය හා අධිකරණය තුළදී …

විපක්ෂනායකගෙන් රජයට අනතුරු ඇඟවීමක් Read More »

IMF එකඟතා ගිවිසුම අද පාර්ලිමේන්තුවට

අද (22) උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම ඉදිරිපත් කර තිබේ. පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කෙරිණි. අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමට ඩොලර් බිලියන 03ක පමණ විස්තීර්ණ ණය පහසුකම යටතේ මාස 48ක වැඩපිළිවෙළ සඳහා …

IMF එකඟතා ගිවිසුම අද පාර්ලිමේන්තුවට Read More »

IMF පළමු වාරිකය තව දින දෙකකින්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව වාර්තා වේ. එම මුදල ඩොලර් මිලියන 333ක් බවයි සඳහන් වන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්රුවර් විසින් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කරමින් ඩොලර් බිලියන 3ක් වූ විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය. …

IMF පළමු වාරිකය තව දින දෙකකින් Read More »

ජනපතිගෙන් අද රටට විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකම ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව පවසා ඇත. ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට තුළ සිදුකරන ලද ප්‍රියමනාප නොවන නමුත් …

ජනපතිගෙන් අද රටට විශේෂ ප්‍රකාශයක් Read More »

IMF එකඟතාවන් පාර්ලිමේන්තුවට ගේනවා

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතාවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වාර්තා වේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කෑගල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විපක්ෂයට සහ විවිධ මත පළ කරන පාර්ශ්වයන්ට ඒ සම්බන්ධයෙන් …

IMF එකඟතාවන් පාර්ලිමේන්තුවට ගේනවා Read More »

චීනයෙන් ශ්‍රී ලංකාවට පොලිස් නිල ඇඳුම් රෙදි

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. එම පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත භාර …

චීනයෙන් ශ්‍රී ලංකාවට පොලිස් නිල ඇඳුම් රෙදි Read More »

චීන හා ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අනාගතයක්

චීන ජනාධිපති à·‚à·“ ජින් පිං මහතාගේ තෙවන ධුර කාලයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය වී, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අනාගතයක් නිර්මාණය වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.à·‚à·“ ජින් පිං මහතාගේ පළපුරුදු නායකත්වය හමුවේ, චීනය බොහෝ අභියෝග ජයගෙන දැවැන්ත දියුණුවකට එළැඹ ඇති බව සඳහන් කරන ජනාධිපතිවරයා, එතුමාගේ තෙවන ධුර කාලය තුළ නිසැකයෙන්ම …

චීන හා ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අනාගතයක් Read More »