පළාත් මායිම් නීතිය කැඩූ 223ක් කොටු

පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් ප්‍රකාරව පළාත් මායිම්වල පරීක්ෂා කිරීම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

ඒ අනුව ගෙවුණු පැය 24 තුළ නිසි අවසරයකින් තොරව බස්නාහිර පළාතට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයින් 223 ක් සහ වාහන 129 ක් ආපසු හරවා යැවූ බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත් මායිමේ පිහිටුවා ඇති මාර්ග බාධක සංඛ්‍යාව 13ක් වන අතර යුද හමුදාව හා පොලීසිය ඒකාබද්ධව එම මාර්ග බාධකවලදී පරීක්ෂා කිරීම් අඛණ්ඩව සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. අනවශ්‍ය පරිදි පළාත් මායිම් කඩ කිරීමට යාමෙන් අපහසුතාවට පත් නොවන ලෙස අදාල අංශ ජනතාවට දැනුම් දේ.